You don't have javascript enabled in you browser. The website does not work properly without javascript. Please enable javascrip on you browser.


වෙබ් සේවාව භාවිතය සඳහා උපදෙස්


බන්ධනාගාරගත රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හට සිදුවන අපහසුතාවයන් මගහැරවීමට සහ බන්ධනාගාර වල සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණින් බන්ධනාගාරගත රැඳවියන් මුනගැසීමට බන්ධනාගාරයට පැමිණෙන අමුත්තන්හට පෙර වේලාවක් වෙන්කරවාගෙන පැමිණීමේ පහසුකම සැපයීමට සහ බන්ධනාගාරය වෙත පැමිණීමකින් තොරව වීඩියෝ තාක්ෂණයෙන් රැඳවියා නැරඹීමේ පහසුකම සැලසීම සඳහා මෙම වෙබ් යෙදවුම හඳුන්වාදී තිබේ. මෙමගින් රැඳවියන් මුනගැසීමට පැමිණෙන අමුත්තන්ගේ තදබදය අවම කිරීමත් ඔවුන්ට පහසු වේලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් ඔවුන්ගේ කාලය ඉතිරිකර දීමත්, බන්ධනාගාර පරිශ්‍රයේ රැඳී සිටීමේදී සිදුවන අපහසුතාවයන් අවම කිරීමටත් බලාපොරොත්තු වේ. මෙහිදී අමුත්තන් හට වෙබ් යෙදවුමට පිවිස තමන්ගේ සහ රැඳවියාගේ තොරතුරු ද, මුනගැසීමට පැමිණෙන දිනය සහ වේලාව ආදී තොරතුරුද ඇතුලත් කිරීම මගින් වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු එම වේලාවට බන්ධනාගාරයට පැමිණ ප්‍රමාදයකින් තොරව රැඳවියා මුනගැසීමට හැකියාව පවතී.

Physical Visit (බන්ධනාගාර ආයතනය වෙත පැමිණ නැරඹීම)

බන්ධනාගාර ආයතනය වෙත පැමිණ නැරඹීමේදී දැනට පවතින ක්‍රමවේදය වන්නේ රැඳවියා බැලීම සඳහා උදෑසන බන්ධනාගාරය වෙත පැමිණ තමන්ගේ වාරය එන තෙක් රැඳී සිට තමන්ගේ අනන්‍යතාව තහවුරුකර පරික්ෂාවට ලක්කිරීමෙන් පසු රැඳවියා බැලීමට අවස්තාව සැලැස්වීමයි. මෙහිදී අමුත්තන් හට සිදුවන බොහෝ අපහසුතාවයන් අවම කිරීම සඳහා E -Visit පද්ධතිය හඳුන්වා දී තිබේ. පද්ධතියට පිවිසීම මගින් තමන් පැමිණීමට බලාපොරොත්තුවන දිනය සහ වේලාව ඇතුලත්කර 'Physical Visit' යන්න තෝරාදී අනෙකුත් අදාළ තොරතුරු ඇතුලත්කිරීම මගින් ඔබට පෙර වේලාවක් වෙන්කරගැනීමේ පහසුකම සලසා දී තිබේ. ඉන්පසු ඔබ ඇතුලත් කල තොරතුරු අදාළ බන්ධනාගාර ආයතනයේ නිලධාරියෙකු තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ වෙන්කරගත් වේලාව ස්ථිර කිරීම හෝ තොරතුරු වැරදිනම් ප්‍රතික්ෂේප කිරීම සිදුකරනු ලැබේ. ස්ථිර කිරීමෙන් පසුව අදාළ දිනයේ නියමිත වේලාවට බන්ධනාගාරය වෙත පැමිණීමෙන් පසු ඔබගේ අනන්‍යතාවය තහවුරුකිරීමෙන් අනතුරුව ප්‍රමාදයකින් තොරව රැඳවියා බැලීමේ අවස්ථාව හිමි වේ.

බන්ධනාගාර තුලට ජංගම දුරකථන රැගෙන යාමට අවසර නොලැබේ.

Online Visit (වීඩියෝ තාක්ෂණය මගින් නැරඹීම)

වීඩියෝ තාක්ෂණයේදී අමුත්තන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා, වීඩියෝ තාක්ෂණයෙන් රැඳවියන් නැරඹීමේ පහසුකම ලබාගැනීමට ප්‍රථම අමුත්තන්ගේ අනන්‍යතාවය බන්ධනාගාරය වෙත දැනුම්දිය යුතුවේ. මේ සඳහා බන්ධනාගාර ආයතයනට එක්වරක් පමණක් පැමිණ නැරඹීමට පැමිණෙන අමුත්තාගේ තොරතුරුද, රැඳවියාගේ තොරතුරුද, අමුත්තාගේ අනන්‍යතාවය තහවුරුකරගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාවය හඳුනාගතහැකි වෙනත් හැඳුනුම්පතක ඡෘයා පිටපතක් අපවෙත ලබාදී පද්ධතිය වෙත ලියාපදිංචි විය යුතුය. ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය මෙහිදී අනන්‍යතාව හඳුනාගැනීමේ මාධ්‍ය ලෙස භාර ගත හැක. මෙය එක් වතාවක් පමණක් සිදුකල යුතු අතර මෙහිදී ඔබ හට ලියාපදිංචි අංකයක් (Sequential Number) ලබාදේ.

මෙහිදී එක් රැඳවියෙකු සඳහා ලියාපදිංචි වීමේ අවසරය හිමිවන්නේ ඔහුගේ හෝ ඇයගේ පවුලේ එක් අයෙකුට පමණක් වන අතර ඔබ හට ලැබෙන අනුක්‍රමික අංකය වෙනත් අය වෙත ලබාදීම අපගේ රෙගුලාසි වලට පටහැනි වන බැවින් එසේ කිරීම රැඳවියාගේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹීමේ පහසුකම් අත්හිටුවීමට හේතුවිය හැක. වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹීමේදී ලියාපදිංචි වූ පුද්ගලයා වීඩියෝ ඇමතුමේ දර්ශනය වීම අනිවාර්ය වියයුතු අතර රැඳවියාගේ එකඟ තාවය මත එම ලියාපදිංචි පුද්ගලයා සමග පවුලේ ඕනෑම අයෙක්ට වීඩියෝ ඇමතුමට සම්බන්ධවිය හැක. මෙහිදී ආරක්ෂක හේතූන් මත මෙම ඇමතුම් බන්ධනාගාර නිලධාරියෙකු විසින් ආවේක්ෂණය (surveillance) කිරීම සිදුකරන අතර, නුසුදුසු හෝ ආරක්ෂාවට තර්ජනයක් සිදුවන කතාබහක් ඇතිවුවහොත් ඇමතුම විසන්ධිකිරීම සහ රැඳවියාගේ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකමද තාවකාලිකව අත්හිටුවීම සිදුකරයි. මෙම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැඳවියන් නැරඹීමේදී ඒ සඳහා නැවත බන්ධනාගාරය වෙත පැමිණීම අවශ්‍ය නොවේ.

සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැඳවියන් නැරඹීම සඳහා ඔබහට ලබාදුන් අනුක්‍රමික අංකය ඇතුලත්කර දිනය සහ වේලාව අතුලත් කිරීම මගින් වේලාව වෙන්කරගත හැක. ඉන්පසු අදාළ බන්ධනාගාර ආයතනයේ නිලධාරියෙක් එය තහවුරු කිරීමෙන් පසු ඔබට රැඳවියා වීඩියෝ තාක්ෂණය ඔස්සේ බැලීමේ අවස්තාව හිමිවේ.

මෙම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුතන් බැලීමේ පහසුකම ලැබෙනුයේ යහපත් හැසිරීමෙන් කල්ගතකරන රැඳවියන්ට පමණි. යම් හෙයකින් යම්කිසි විනය විරෝධී කටයුත්තක් සිදුකළහොත් රැඳවිගේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුතන් බැලීමේ පහසුකම තාවකාලිකව අත්හිටුවිය හැක.

විදේශිකයන් සඳහා ඉහත පහසුකම් ලබා ගැනීම සඳහා අදාළ තානාපති කාර්යාලය හරහා ඉල්ලීමක් කර තොරතුරු තහවුරුකිරීමෙන් අනතුරුව පමණක් අවස්තාව හිමිවේ. එහිදී අමුත්තාගේ අනන්‍යතාවය තහවුරුකර ගත හැකි ලිපි ලේඛන සැපයීම අනිවාර්ය වේ.
සියලුම දත්ත ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුලත් කල යුතුය. තරු ලකුණෙන් (*) දක්වා ඇති සියලුම දත්ත අනිවාර්යෙන් ඇතුලත් කල යුතු වේ.

  • Prison Institute
    • මෙම දත්තය අනිවාර්යෙන් ඇතුලත් කල යුතු දත්තයක් වේ. නැරඹීමට බලාපොරොත්තුවන රැඳවියා දැනට සිටින බන්ධනාගාර ආයතනය මෙයින් තෝරාගත යුතුය. මෙහි ඇතුලත් වන්නේ මෙම සේවා පහසුකම සපයා ඇති බන්ධනාගාර ආයතන පමණි. මෙම ආයතන රැඳවියන් අනුව ගැහැණු සහ පිරිමි ලෙස වෙන් කර ඇත.
  • Visit Type
    • මෙම දත්තය අනිවාර්යෙන් ඇතුලත් කල යුතු වේ. රැඳවියා නැරඹීමට බලාපොරොත්තුවන ආකාරය මෙහිදී ලබා දිය යුතුය. බන්ධනාගාර ආයතනයට පැමිණ නැරඹීමට බලාපොරොත්තු වේනම් 'Physical Visit' ලෙසද වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹීමට බලාපොරොත්තු වේනම් 'Online Visit' ලෙසද තෝරා දියයුතුය. 'Online Visit' යන්න තෝරා ඉදිරියට යාම සඳහා ඔබට බන්ධනාගාර ආයතනයේ මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් ලබාගත් අනුක්‍රමික අංකයක් (Sequential Number) තිබීම අනිවාර්ය වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ඉහත 'නැරඹීමේ ආකාර (Visit Types)' යටතේ සටහන් කර ඇත.

      මෙම තෝරාගැනීමට ඇති ආකාර දෙකෙන් එකක් හෝ අක්‍රිය වී (disable) ඇත්නම්, එයින් හැඟවෙන්නේ එම පහසුකම අදාළ ආයතනයෙන් සපයා නොමැති හෝ තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

  • Visitting Date
    • මෙම දත්තය ඇතුලත් කිරීම අනිවාර්ය වේ. මෙහිදී රැඳවියා නැරඹීමට බලාපොරොත්තුවන දිනය තෝරා දිය යුතුය. ඒ සඳහා අදාළ කොටුව මත ක්ලික් කිරීමෙන් ලැබෙන දින දර්ශනය මගින් දිනය තෝරා දිය යුතුය. මෙහිදී දින තෝරා දිය හැකි ආසන්නතම දිනය වන්නේ ඔබ දත්ත ඇතුලත් කරන දිනයේ සිට ඉදිරියට දින එකකට පසුව පැමිණෙන දිනය සහ තෝරා දිය හැකි උපරිම දිනය වන්නේ අවම දිනයේ සිට ඉදිරියට දින හතරකට පසුව ඇති දිනයයි. ඉරිදා දිනයන්හිදී රැඳවියන් නැරඹීම සිදු නොකරන බැවින් ඉරිදා දින තෝරා දිය නොහැකි වේ.
  • Visiting Time
    • මෙම දත්තය ඇතුලත් කිරීම අනිවාර්ය වේ. මෙහිදී රැඳවියා නැරඹීමට බලාපොරොත්තුවන අදාළ දිනයේ නිශ්චිත වේලාවක් තෝරා දිය යුතුය. එක් වරකට නැරඹීමේ කාලසීමාව මිනිත්තු 15කට ආසන්න කාලයක් වේ. පෙ.ව 8.30 සිට පෙ.ව 11.30 දක්වාත් ප.ව 01.30 සිට ප.ව 04.30 දක්වාත් අතර කාලසීමාවන් තෝරාගත හැක. යම්කිසි වේලාවක් තෝරාගැනීමේ හැකියාව නොමැති බව පෙන්වයිනම් (disabled times) එසේ වන්නේ එම කාලසීමාව තුල අදාළ බන්ධනාගාර ආයතනයේ පවතින පහසුකම් මත වරකට වෙන්කළ හැකි උපරිම නැරබුම් කුටි ප්‍රමාණය වෙන්වී ඇති බවයි. එසේ විට ඔබට පහසු වෙනත් වේලාවක් තෝරාගැනීමට සිදුවේ.

      මෙම වේලාවන් පවතින්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවන් වලිනි (UTC +5:30 - Sri Jayawardenepura Kotte)

  • Number of Additional Visitors
    • මෙම දත්තය ඇතුලත් කිරීම අනිවාර්ය වේ. මෙහිදී රැඳවියා නැරඹීමට පැමිණෙන අමතර අමුත්තන් ප්‍රමාණය සඳහන් කල යුතුය. උපරිම පැමිණිය හැකි පිරිස 3ක් වේ. මෙය අදාළ වන්නේ බන්ධනාගාර ආයතනය වෙත පැමිණ නැරඹීම සිදුකරන විටය. වීඩියෝ තාක්ෂණයෙන් නැරඹීම සිදුකරන විට රැඳවිගේ කැමැත්ත මත හැකි ඕනෑම ප්‍රමාණයක පිරිසක් ඇමතුම හා සම්බන්ධ විය හැක.
  • Your Sequential Number
    • අනුක්‍රමික අංකය (Your Sequential Number) අත්‍යවශ්‍ය වන්නේ වීඩියෝ තාක්ෂණයෙන් (Online Visit) රැඳවියා නැරඹීමේදී පමණි. මෙම අනුක්‍රමික අංකය ලබා ගැනීම සඳහා රැඳවියා සිටින බන්ධනාගාර ආයතනයේ ඔබ ලියාපදිංචි විය යුතුය. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු 'වීඩියෝ තාක්ෂණයෙන් නැරඹීම සඳහා ලියාපදිංචිය' යටතේ ලබාගත හැක. ඔබ Visit Type යටතේ Online Visit යන්න තෝරා දුන්නේනම් මෙම දත්තය අනිවාර්යයෙන්ම ඇතුලත් කල යුතුය. අනුක්‍රමික අංකය ඉංග්‍රීසි අකුරු, ඇල ඉරි,සහ අංක වලින් සමන්විත වේ. ( උදා:- ABC/M/12345 ) මෙම අංකය ඔබට ලැබෙනුයේ බන්ධනාගාර ආයතනයේ Online Visit සඳහා ලියාපදිංචි වීමෙන් පසුය. එක් රැඳවියෙකු සඳහා පවුලේ එක අයෙකුට පමණක් ලියාපදිංචි වීමේ හැකියාව පවතී. එක වරක් පමණක් ලියාපදිංචි වී අංකයක් ලබාගැනීමෙන් පසු එම අංකය භාවිතයෙන් රැඳවියා බන්ධනාගාරයෙහි රැඳී සිටින කාලය පුරාවට වීඩියෝ තාක්ෂණයෙන් නැරඹීම සඳහා මෙම පද්ධතිය මගින් ඉල්ලුම් කල හැක. යම්කිසි අවස්තාවක රැඳවියා වීඩියෝ තාක්ෂණය නොමැති බන්ධනාගාරයකට මාරු වීමක් සිදුකළහොත් මෙම සේවාව එම රැඳවියාට හිමිනොවේ.
  • Visitors’ Full Name
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයකි. රැඳවියා නැරඹීමට පැමිණෙන තැනැත්තාගේ සම්පුර්ණ නම මෙහි සඳහන් කල යුතුය (ජාතික හැඳුනුම්පතෙහි පවතින පරිදි).
  • Visitors’ Address
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයකි. රැඳවියා නැරඹීමට පැමිණෙන තැනැත්තා වෙසෙන ස්ථානයෙහි ලිපිනය මෙහිදී සඳහන් කලයුතුය. ඔබගේ රැඳවියන් බැලීමේ ඉල්ලීම් සම්බන්ධව යම්කිසි දැනුම් දීමක් ආදිය සිදුකිරීම සඳහා මෙය අතය අවශ්‍ය වේ.
  • Visitors’ Gender
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයකි. රැඳවියා නැරඹීමට පැමිණෙන පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙහිදී සඳහන් කලයුතුය.
  • Your Relation to the Prisoner
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයකි. රැඳවියා නැරඹීමට පැමිණෙන පුද්ගලයාට රැඳවියා සමග තිබෙන ඥාතීත්වය මෙහිදී සඳහන් කල යුතුය.

      උදා:- රැඳවියා සැමියා වන විට නැරඹීමට පැමිණෙන්නේ බිරිඳනම් මෙහිදී තෝරා දිය යුත්තේ බිරිඳ (Wife) ලෙසයි.

  • E-Mail
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයක් නොවුවද මෙම දත්තය ඇතුලත් කර තිබීම ඔබට පහසුවක් වේ. රැඳවියා නැරඹීමට පැමිණෙන පුද්ගලයාගේ විද්‍යුත් තැපැල් ලිපිනය මෙහිදී ඇතුලත් කල යුතුය. ඔබගේ නැරඹීමේ ඉල්ලීම පිලිබඳ සටහන්, දැනුම් දීම් සහ පද්ධතියට පිවිසීම සඳහා ඔබට ලැබෙන තාවකාලික ටෝකන් අංකය (Token Number) ආදී වැදගත් තොරතුරු මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරනු ලැබේ. මෙම දත්තය ඇතුලත් කල පසු නිවැරදිදැයි නැවත වරක් සොයා බලන්න.
  • Mobile Number
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයක් නොවුවද මෙම දත්තය ඇතුලත් කර තිබීම ඔබට පහසුවක් වේ. රැඳවියා නැරඹීමට පැමිණෙන පුද්ගලයාගේ දුරකථන අංකය මෙහිදී ඇතුලත් කල යුතුය.

      ඔබගේ නැරඹීමේ ඉල්ලීම පිලිබඳ සටහන්, දැනුම් දීම් සහ පද්ධතියට පිවිසීම සඳහා ඔබට ලැබෙන තාවකාලික ටෝකන් අංකය (Token Number) ආදී වැදගත් තොරතුරු මෙම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් යොමුකරනු ලැබේ.

      දුරකථන අංකය ඇතුලත් කිරීමේදී අංක අතර හිස් ඉඩ නොතිබිය යුතුය. දුරකථන අංකයේ ඉලක්කම් හැර වෙනත් අකුරු නොතිබිය යුතුය. රටෙහි කේත අංකය (Country Code) සමග ඇතුලත් කිරීමේදී + ලකුණ ඉවත්කල යුතුය. (උදා:- 0712345678 සහ 94712345678 වලංගු වන අතර +94712345678 වලංගු නොවේ.)

      විදේශීය දුරකථන අංක ඇතුලත් කිරීමේදී රටෙහි කේත අංකය (Country Code) තිබීම අනිවාර්ය වේ. මෙම දත්තය ඇතුලත් කල පසු නිවැරදිදැයි නැවත වරක් සොයා බලන්න.

  • Identity Proof
    • මෙම දත්තය ඇතුලත් කිරීම අනිවාර්ය වේ. මෙහිදී ඔබගේ අනන්‍යතාවය ඉදිරිපත් කල හැකි මාධ්‍ය තෝරා දිය යුතුය. ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය තෝරාගැනීම් වේ. ඔබ රැඳවියා බැහැදැකීම සදහා බන්ධනාගාරයට පැමිණීමේදී මෙහිදී තෝරා දුන් හැඳුනුම්පත රැගෙන එම අනිවාර්ය වේ. මෙමගින් රැඳවියා නැරඹීම සිදුකලේ ඔබමයි තහවුරුකර ගැනේ.
  • Selected ID Number
    • මෙම දත්තය ඇතුලත් කිරීම අනිවාර්ය වේ. මෙහිදී ඔබ Identity Proof සඳහා තෝරා දුන් හැඳුනුම්පත් මාධ්‍යයෙහි අංකය පමණක් ඇතුලත් කල යුතුය. ඔබ රැඳවියා නැරඹීමට පැමිණීමේදී රැගෙන එන හැඳුනුම්පත සහ මෙම අංකය පරික්ෂාවට ලක් කර ඔබගේ අනන්‍යතාවය තහවුරුකරගැනීම සිදුකරනු ලබයි. අනන්‍යතාවය තහවුරුකරගැනීමට නොහැකි වන අවස්ථාවන්හිදී ඔබට මෙම පද්ධතියෙන් හරහා වේලාවක් වෙන්කරගෙන ප්‍රමාදයකින් තොරව රැඳවියා නැරඹීමේ පහසුකම නොලැබෙනු ඇත.
  • Prisoner Name
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයකි. රැඳවියාගේ නිවැරදි සම්පුර්ණ නම මෙහි සඳහන් කල යුතුය.
  • Other Names to Identify
    • මෙම දත්තය අනිවාර්ය නොවේ. මෙහිදී රැඳවියා හඳුන්වාදීම සඳහා වෙනත් නම් භාවිතා වේනම් ඒවා මෙහි කොමා (,) මගින් වෙන්කර ඇතුලත් කල යුතුය.
  • Prisoners’ Gender
    • මෙය අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු දත්තයකි. රැඳවියාගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙහිදී සඳහන් කලයුතුය.
  • Prisoner Number
    • රැඳවියා බන්ධනාගාරගත වනවිට රැඳවියාට ලබාදෙන සිර අංකය මෙහිදී ඇතුලත් කල යුතුය. මෙම දත්තය ඇතුලත් කිරීම අනිවාර්ය නොවුවද සිර අංකයක් ඇතුලත් කර ඇති විට අපහට රැඳවියාව හඳුනාගැනීම පහසුවේ. එමගින් රැඳවියා අදාළ බන්ධනාගාරයේ දැනට සිටීද හෝ වෙනත් බන්ධනාගාරයකට සිරමාරු වී තිබේද හෝ යන්න තහවුරුකරගත හැක. එබැවින් ඔබ රැඳවිගේ නිවැරදි සිර අංකය දන්නේනම් එය මෙහි ඇතුලත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
  • Prisoner Category
    • මෙම දත්තය ඇතුලත් කිරීම අනිවාර්ය වේ. මෙහිදී රැඳවියා නීතියෙන් වරදකරුවෙකු වී සිරගත වී ඇත්ද (Convicted) තවම නීතියෙන් වරදකරුවෙකු නොවී සැකපිට හෝ දැනට විභාග වෙමින් පවතින නඩු හේතුවෙන් රඳවා ඇති රැඳවියෙක්ද (Unconvicted) යන්න තෝරා දිය යුතුය.
  • Court
    • මෙම දත්තය අනිවාර්යයෙන් ඇතුලත් කලයුතු නැත. රැඳවියා වරදකරුවෙකු ලෙස නියෝග ලබාදුන් උසාවිය හෝ දැනට නඩු විභාගවෙමින් පවතින උසාවිය මෙහිදී තොරාදිය යුතුය.

වීඩියෝ තාක්ෂණයෙන් රැඳවියන් නැරඹීම සඳහා මෙම තොරතුරු පද්ධතියට පෙර ලියාපදිංචි වියයුතුය. මේ සඳහා රැඳවියා දැනට සිටින බන්ධනාගාරයට (වීඩියෝ තාක්ෂණ පහසුකම සහිත) ගොස් ලියාපදිංචි විය යුතුය.

මෙහිදී ඔබගේ ජාතික හැඳුනුම්පතේ, වලංගු රියදුරු බලපත්‍රයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් බන්ධනාගාරය වෙත ලබාදිය යුතුය.

බන්ධනාගාරය විසින් ලබාදෙන තොරතුරු පෝරමය පුරවා ඉන්පසු එය බන්ධනාගාර අධිකාරිවරයා අනුමැතිය ලබාදීමෙන් පසු ඔබට බන්ධනාගාරය විසින් අනුක්‍රමික අංකයක් (Sequential Number) ලබාදේ.

මෙම අංකය ඔබ ආරක්ෂිතව තබා ගත යුතුඅතර පිටස්තර පුද්ගලයෙකුගේ අතට පත්වීම වලක්වාගත යුතුය. මින් ඉදිරියට මෙම සේවාව හරහා වීඩියෝ තාක්ෂණයෙන් අදාළ රැඳවියා නැරඹීම සඳහා ඉල්ලුම් කරන සෑම අවස්තාවකදීම මෙම අංකය ඇතුලත් කල යුතුවේ.

එක් රැඳවියෙකු සඳහා ලියාපදිංචි වීමට අවස්තාව ඇත්තේ පවුලේ එක අයෙකුට පමණි. ඔබ ලබාදෙන තොරතුරු පිටස්තර පාර්ශවයන් අතට පත්නොවන බවට අප සහතිකවෙමු.

ලියාපදිංචිය වෙනස් කිරීමට හෝ ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එයට කරුණු ඉදිරිපත් කර බන්ධනාගාරය වෙත ඉල්ලීමක් කර ලියාපදිංචිය වෙනස් කරගත හැක.

මෙම පද්ධතිය හරහා රැඳවියා නැරඹීම සඳහා Physical Visit හෝ Online Visit යන ආකාර වලින් කුමන ආකාරයකින් හෝ සාර්ථකව වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව ඔබට ටෝකන් අංකයක් ලැබේ. මෙම අංකය, දත්ත ඇතුලත් කිරීම සාර්ථක වූ පසු යොමු කෙරෙන වෙබ් පිටුවේ ඉහල වම් කොනේ නිල් පැහැයෙන් දැක්වෙන අතර ඔබ දත්ත ඇතුලත් කිරීමේදී නිවැරදි විද්‍යුත් ලිපිනයක් හෝ දුරකථන අංකයක් ලබාදුන්නේනම් විද්‍යුත් ලිපියක් මගින් හෝ කෙටි පණිවිඩයක් මගින් අංකය ඔබට ලැබේ.

මෙම ටෝකන් අංකය, ඔබගේ වෙන්කර ගත් වේලාවට අනුව පවතින තොරතුරු (Visiting Details) සහ ඔබගේ නැරඹීමේ ඉල්ලීම අනුමත කර ඇත්ද, ප්‍රතික්ෂේප කර ඇත්ද (Booking Status) යනවග ආදී තොරතුරු දැනගත හැකි ලෙස පද්ධතියට පිවිසීමට ලබාදී ඇති ගිණුමෙහි මුරපදය ලෙස භාවිතා වේ. වීඩියෝ තාක්ෂණයෙන් නැරඹීම සිදුකරන අවස්තාවලදී වීඩියෝ ඇමතුම ලබාගැනීමට ඔබට ලබාදෙන ලින්කුව (link) ලබාගත හැක්කේ පද්දතියට පිවිසීමෙනි.

එමෙන්ම ඔබගේ රැඳවියා නැරඹීමේ ඉල්ලීම බන්ධනාගාරයේදී හඳුනාගනිමට භාවිතාකරන්නේ මෙම අංකය වේ. එබැවින් මෙම අංකය මතක තබාගැනීම සහ ආරක්ෂිතව තබා ගැනීම ඔබගේ වගකීමකි. ඔබගේ ටෝකන් අංකය ඉංග්‍රීසි කැපිටල් අකුරු සහ ඉලක්කම් වලින් සමන්විත අකුරු අටක අංකයක් වේ. (උදා:- 5F98FE4A)

බන්ධනාගාර තුලට ජංගම දුරකථන රැගෙන යාමට අවසර නොලැබේ. එබැවින් මෙම token අංකය ඔබ විසින් මතක තබාගැනීම හෝ කඩදාසියක සටහන් කරගෙන හෝ රැගෙන ආ යුතුය.

පද්ධතියේ දෝෂ පණිවිඩ (Error Messages) රතු පැහැයෙන් තිරයේ වම් උඩුකොනේද ඇතුලත් නොකළ දත්ත පිලිබඳ හෝ වැරදි දත්ත පිලිබඳ දෝෂ පණිවිඩ දත්ත ඇතුලත් කිරීමේ පෝරමයේ උඩින් සහ අදාළ දත්ත ඇතුලත් කිරීමේ කොටු අසලින්ද දැක්වේ. එසේම දත්ත ඇතුලත්කිරීම සාර්ථකයි යන ආදී සාර්ථක පණිවිඩ (Success Messages) තිරයේ වම් උඩුකොනේ කොළ පැහැයෙන් දැක්වේ.

වැරදි දත්ත ඇතුලත් කර ඇති විට දත්ත සාර්ථකව පද්ධතියේ සටහන් වීම වලකී. එවන් අවස්ථාවල ඔබ වේලාවක් වෙන්කරගැනීම සඳහා යොමුකරන ඉල්ලීම අප වෙත නොලැබේ. එබැවින් පද්ධතියෙන් දක්වන දෝෂ පණිවිඩ පිලිබඳ සැලකිලිමත් වන්න.

තොරතුරු බැලීම සඳහා පද්ධතියට පිවිසීම සඳහා වෙබ් පිටුවේ දකුණු උඩ කොනෙහි ඇති Login යන්න මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබව පද්දතියට ඇතුලත්වන ලොගින් පිටුවට යොමුවේ. එහි 'For Visitors' යටතේ ඇති ආදාන් කොටුවෙහි (Input Box) ඔබගේ ටෝකෙන් අංකය ඇතුලත් කර Login බොත්තම ඔබන්න. ඔබගේ ටෝකන් අංකය නිවැරදි සහ වලංගු අංකයක්නම් ඔබව නැරඹීමේ තොරතුරු (Visit Details) පිටුවට යොමුවේ.

නැරඹීමේ තොරතුරු (Visit Details) පිටුවට පිවිසීමේ හැකියාව ඇත්තේ ඔබට ලබාදී ඇති ටෝකන් අංකය භාවිතයෙන් පද්ධතියට පිවිසීමෙන් පසුවයි. එසේම සාර්ථකව දත්ත ඇතුලත් කර නැරඹීමේ ඉල්ලීම පද්ධතියට යොමුකළ මුල් අවස්ථාවේද ඔබව යොමු වන්නේ මෙම පිටුවටයි.

මෙම පිටුවේ ඔබ ඇතුලත් කල දත්ත සහ ටෝකන් අංකය දර්ශනය වේ. ඊට අමතරව වේලාව වෙන්කරවාගැනීම සම්බන්ධ සටහනද (Booking Status) දැක්වේ. (මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ‘වේලාව වෙන්කරවාගැනීම සම්බන්ධ සටහන’ යටතේ දැක්වේ.)

පිටුවේ යටම වන්නට My Messages & Notifications යටතේ ඔබට යොමු කෙරෙන පණිවිඩ දර්ශනය වේ. මෙම පණිවිඩ ඔබ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබාදී ඇතිනම් දැනටමත් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ඔබට ලැබී තිබිය යුතුය.

එමෙන්ම My Details කොටුවේ ඉහල Edit Details බෝත්තම එබීමෙන් ඔබ ලබාදී ඇති විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වෙනස් කල හැක.

ඔබට මෙම වේලාව වෙන්කර ගැනීමට යොමුකල ඉල්ලීම ඉවත් කරගැනීමට අවශ්‍යනම් Booking Details කොටුවේ දකුණුපස ඉහලින් ඇති Delete My Booking යන රතු පාට බොත්තම ක්ලික් කිරීමෙන් සිදුකල හැක. ඉවත් කරගත් ඉල්ලීම් පද්ධතියෙන් ඉවත් වී යන බැවින් ඔබ වෙන් කරගත් වේලාවේ ඔබේ අවස්තාව නැතිවී යයි. එමනිසා ඒ පිලිබඳ සැලකිලිමත් වන්න.

වීඩියෝ තාක්ෂණයෙන් නැරඹීමේ ඉල්ලීමක් යොමු කර එම ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් අනුමත කර Booking Status යන්න Approved ලෙස සටහන් වී ඇති අවස්ථාවන්හිදී පමණක් වීඩියෝ ඇමතුම හා සම්බන්ධවීමේ ලින්කුව කැමරාවක සලකුණක් සමග පිටුවේ ඉහල Booking Details කොටුවේ දකුණු පසට වන්නට දර්ශනය වේ. මෙම සලකුණ මත ක්ලික් කිරීම මගින් ඔබට වීඩියෝ ඇමතුම සමග සෘජුවම සම්බන්ධ විය හැක.

මෙම සටහන් වර්ග 5කි

Pending Approval
ඔබ ඉල්ලීම යොමුකළ අවස්ථාවේ පවතින්නේ මෙම සටහනයි. ඔබගේ නැරඹීමේ ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් සලකා බලන තෙක් මෙම පණිවිඩය දිස් වේ. මෙම පණිවිඩය දිස්වන තුරු ඔබට මෙම පද්ධතියේ සේවා හරහා රැඳවියා බැලීමේ අවස්තාව හිමිනොවේ.
Approved
ඔබගේ නැරඹීමේ ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් සලකා බලා එය අනුමත කලපසු මෙම පණිවිඩය දිස් වේ. මෙම පණිවිඩය දිස්වූ පසු පමණක් ඔබට මෙම පද්ධතියේ සේවා හරහා රැඳවියා බැලීමේ අවස්තාව හිමිවේ.
Canceled
ඔබගේ නැරඹීමේ ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් සලකා බලා යම්කිසි හේතුවකින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම පණිවිඩය දිස් වේ. මෙම පණිවිඩය දිස්වේනම් ඔබට මෙම පද්ධතියේ සේවා හරහා රැඳවියා බැලීමේ අවස්තාව හිමිනොවේ.
Completed
ඔබගේ නැරඹීමේ ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් සලකා බලා අනුමත කර අදාළ නැරඹීමේ වේලාවේදී ඔබ රැඳවියාව සාර්ථකව නරඹා අවසන් වූ පසු මෙම පණිවිඩය දිස් වේ. එනම් ඔබගේ අවස්තාව සාර්ථකව අවසන් වූ බවයි.
Expired
ඔබගේ නැරඹීමේ ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් සලකා බලා අනුමත කලද අදාළ වේලාවේ ඔබ නොපැමිණීම ආදී යම්කිසි හේතුවක් නිසා අදාළ නැරඹීමේ වේලාවේදී ඔබ රැඳවියාව සාර්ථකව නැරඹීම සිදුනොවූ අවස්තාවලදී මෙම පණිවිඩය දිස් වේ. එනම් ඔබගේ අවස්තාව අසාර්ථක වූ සහ කල් ඉකුත්වූ බවයි.

වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා ඔබට වෙබ් කැමරාවක්, මයික්‍රෝෆෝනයක් සහ අන්තර්ජාල පහසුකම් සහිත පරිගනකයක් අවශ්‍යවේ. මෙම වෙබ් කැමරාවේ, මයික්‍රෝෆෝනයේ ගුණාත්මක භාවය සහ අන්තර් ජාල පහසුකමේ වේගවත් භාවය මත වීඩියෝ ඇමතුමේ ගුණාත්මක භාවය තීරණය වේ. පරිගණකයක් නැති වුවද ඉහත පහසුකම් සහිත ජංගම දුරකතනයකින් වුවද අපගේ වීඩියෝ ඇමතුම් සේවාව ලබාගත හැක.

වීඩියෝ තාක්ෂණයෙන් නැරඹීම සඳහා ඉල්ලීම් කර ඇති අමුත්තන් හට ලබා දී ඇති ටෝකන් අංකය භාවිතාකර පද්ධතියට ඇතුලත් වී වීඩියෝ ඇමතුම ලබාගත හැක. ඔබගේ නැරඹීමේ තොරතුරු පිටුවේ ඉහල දකුණු කෙළවරෙහි ඇති වීඩියෝ සලකුණ මත ක්ලික් කිරීමෙන් වීඩියෝ ඇමතුම විවෘත කරගත හැක. (මෙම සලකුණ දර්ශනය වන්නේ ඔබගේ ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් අනුමත කර Booking Status යන්න Approved ලෙස සටහන් වී ඇති අවස්ථාවන්හිදී පමණි.)

මෙම වීඩියෝ ඇමතුම් සඳහා තාක්ෂණික සහය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් වන අතර. ලබා දී ඇති වීඩියෝ ඇමතුම් සේවාවෙන් පමණක් වීඩියෝ ඇමතුම් ලබා ගත හැක.

ඔබට වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා අවස්තාව හිමිවන්නේ ඔබගේ නැරඹීමේ ඉල්ලීම බන්ධනාගාර ආයතනය විසින් සලකා බලා අනුමත කිරීමෙන් පසුවයි.

ඔබ වීඩියෝ ඇමතුම හා සම්බන්ධ වීමට අදාළ දිනයේ නියමිත වේලාවට අවම මිනිත්තු 5කට පමණවත් පෙර වීඩියෝ ඇමතුම විවෘත කරගෙන සුදානම් වී සිටිය යුතුය. ඔබ එහිදී ඇමතුමට සම්බන්ධ වන්නා (Participant) වන අතර බන්ධනාගාර ආයතනය සත්කාරකයා (Host) වේ.

නියමිත වේලාවේදී බන්ධනාගාර ආයතනය විසින් ඔබව ඇමතුමට සම්බන්ධ කර ගන්නා අතර ඔබට ආසන්න වශයෙන් මිනිත්තු 15ක කාලයක් ඇමතුම සඳහා හිමිවේ. නියමිත වේලාවේදී ඔබ ඇමතුමට සම්බන්ධ වී නොසිටියහොත් හෝ ලබාදී ඇති කාල සීමාව පසුවුවහොත් ඔබගේ වීඩියෝ ඇමතුම් ඉල්ලීම අවලංගු විය හැක.

ඔබගේ වීඩියෝ ඇමතුම සාර්ථකව නිමවීමෙන් පසු හෝ එම වෙන්කර ගත් කාලය ඉකුත් වූ පසු ඔබට නැවත එම වීඩියෝ ලින්කුව (link) හරහා ඇමතුම් ලබාගත නොහැක. ඒ සඳහා නැවත වේලාවක් වෙන්කරගෙන ඉල්ලීමක් කල යුතුය.